FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මේක ඉතාම හොද අයවැයක්.. රාජ්‍ය සේවකයන් ෂයිලොක්ලා වී මස් රාත්තලම ඉල්ලනවා..

FM Heart · 2 min read

The Heart Academy
එහිදී අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික සචිත් රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ, යහපත් දේශපාලන සංස්කෘතියක් අගයන තාරුණ්‍යයක් ලෙස තමන් දකින්නේ අයවැය යනු රාජ්‍ය සේවකයන් පමණක් මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද්දක් නොව, රට සහ සමස්ත ජනතාව මූලික කරගනිමින් ඉදිරිපත් කරන ලද ආර්‍ථික හැරවුම් ලක්ෂ්‍යයක් බවයි. එහි සැබෑ සහන හිමි විය යුත්තේ රටේ සමස්ත ජනතාවට බවත්, අයවැය හරහා ඇති කිරීමට උත්සාහ කරන මෙම අර්‍බුදය තුළින් රාජ්‍ය සේවයේ ඇතැම් පිරිස් රට කුමන තැනකට ගෙන යාමට උත්සාහ කරන්නේද යන්න ගැටලු සහගත බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම, අයවැයේ පවතින සාධනීය කරුණු හතක් ද ඒ මහතා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී. අනතුරුව අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික මහේෂ් අබේපිටිය මහතා සඳහන් කළේ, රටේ ජනතාවට කන් හැන්දෙන් බෙදා දෙමින් පාලකයන් සවලෙන් බෙදා ගත් යුගය මෙම අයවැයෙන් අවසන් කර ඇති බවයි. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිදි මෙම අයවැය ඉදිරිපත් කර ඇති බැවින්, ඒ හමුවේ රාජ්‍ය සේවකයන් 'මස් රාත්තලම' ඉල්ලමින් 'ෂයිලොක්ගේ' හැසිරීමෙන් කටයුතු කිරීම කිසිසේත් නොගැළපෙන බව ද ඔහු අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික මොහොමඩ් ෂබීර් මහතා පැවසුවේ, වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය රාජ්‍ය සේවකයන් මුල් කරගත් එකක් නොව, සමස්ත ජනතාව වෙනුවෙන් සහ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කරන ලද අයවැයක් බවයි. වෘත්තියෙන් ගුරුවරයෙකු වන සමිත් හර්‍ෂනාථ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවයි. සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අදියර තුනක් යටතේ වැඩි කරමින්, වැටුප් විෂමතාවන් අවසන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්‍මාණය කරමින් සිටින මොහොතක, රාජ්‍ය සේවයේ ඇතැම් පිරිස් විපක්ෂයේ උගුලට හසු වී අයවැයට චෝදනා එල්ල කිරීම නොගැළපෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
99mobile