FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉන්දියාවට ගොස් ඉන්දු-ලංකා ධීවර ගැටළුව විසදවා...

FM Heart · 3 min read

The Heart Academy
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්‍ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට ස්ථිර හා ප්‍රායෝගික විසඳුමක් ලබාදීම සඳහා රජය කැපවීමෙන් කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නිලධාරී මට්ටමින් ද විවිධ අදියර යටතේ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව, 2027 ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගොස්, එරට ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ඉහළ පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දු – ශ්‍රී ලංකා ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ (Joint Working Group – JWG) රැස්වීමක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී දෙරට අතර ධීවර ක්ෂේත්‍රයට අදාළව පවතින ප්‍රධාන ගැටලු පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිතය. විශේෂයෙන්ම, තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු ප්‍රදේශයට ඇතුළු වීම, තහනම් බොටම් ට්‍රෝලිං (Bottom Trawling) ධීවර ක්‍රමය භාවිත කිරීම සහ එමඟින් ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට හා සාගර සම්පත්වලට සිදුවන හානිය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාගත හැකි ක්‍රියාමාර්‍ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්‍ශ්වය නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්‍තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්‍තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්‍යේෂණ හා සංවර්‍ධන නියෝජිතායතනය (NARA), නීතිපති දෙපාර්‍තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සහභාගි වීමට නියමිතය. ඒ අනුව, අදාළ සියලු රාජ්‍ය ආයතනවල සහභාගිත්වය හා දායකත්වය ලබාගනිමින් ගැටලුවේ විවිධ පැතිකඩ විශ්ලේෂණය කර, ඉදිරි ක්‍රියාමාර්‍ග තීරණය කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මීට පෙර 2024 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු රැස්වීම සඳහා ඉන්දීය ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහ නාවික හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. එම සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙස පැවැත්වෙන මෙවර රැස්වීම, දෙරට අතර පවතින ධීවර ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ තමිල්නාඩු රජයේ පාර්‍ශ්වකරුවන්ගේ පූර්‍ණ සහයෝගය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලාංකික ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම, මෙරට සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සැලකිල්ලට ගනිමින්, සියලු පාර්‍ශ්ව සමඟ ඵලදායී සාකච්ඡා පවත්වා මෙම ගැටලුවට සාධාරණ හා තිරසාර විසඳුමක් ලබාදීමට රජය අඛණ්ඩව කැපවී සිටින බව ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
99mobile