FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රට යලි බංකොලොත් අවදානමක.. ඩොලර් බිලියන 15ක් ඔ්නෑ.. තියෙන්නේ 07යි.. මාර්‍තුවෙන් IMF අවසන්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුද දෙකකට උර දී” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහ බැංකු වාර්‍තාවලට අනුව මේ වසර අවසානය වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් දක්වා වර්‍ධනය වනු ඇතැයි අපේක්ෂා කළද, 2028 දී ණය ගෙවීම් ආරම්භ කිරීමට නම් එය බිලියන 15ක් දක්වා වැඩි විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එහෙත් ඉතිරි ඩොලර් බිලියන 7 සොයා ගැනීම සඳහා වත්මන් රජය සතුව කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. පසුගිය ආර්‍ථික අර්‍බුද අවස්ථාවේදී ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් සහ බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 100ක සහාය ලැබුණු බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්‍ධන බැංකුව සහ ජපානය වැනි රටවල් ලබාදුන් සහාය මත රට ස්ථාවර කළ බවත් ඔහු සිහිපත් කළේය. 2027 මාර්‍තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම අවසන් වන බැවින්, ඉන් අනතුරුව රටේ ආර්‍ථිකය මෙහෙයවන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. ආර්‍ථික පරිවර්‍තන පනත වැනි වැදගත් නීතිමය රාමුවලින් බැහැරව කටයුතු කිරීමෙන් රට යළිත් බංකොලොත් භාවයට පත්වීමේ අවදානමක් පවතින බවත්, පාර්‍ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත මේ පිළිබඳව නිසි සංවාදයක් ගොඩනැගී නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. 2028 වසරේදී එළඹෙන මෙම තීරණාත්මක ආර්‍ථික අභියෝගයට සාර්‍ථකව මුහුණ දීමට නම් විදේශ ආදායම් මාර්‍ග කඩිනමින් පුළුල් කරගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad