FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

‘22 සංශෝධනය ගැටළුකාරියි..’ - UN වෙතින් ලංකාවට ලිපියක්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) මහත්මිය විසින් මේ පිළිබඳව කරුණු විමසමින් ශ්‍රී ලංකා රජය වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත. යෝජිත සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය. මෙම වෙනස්කම් දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලයට ද එකවර බලපාන පරිදි සකස් කර තිබීම ගැටලුසහගත බව විශේෂ වාර්තාකාරිනිය පෙන්වා දෙයි. මෙම පියවර හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිසහගත නඩු විභාගයකට ඇති අයිතියට බරපතල බලපෑම් එල්ල විය හැකි බවට ඇය අනතුරු අඟවයි. නිසි උපදේශන ක්‍රියාවලියකින් තොරව සහ බාහිර බලපෑම්වලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද තහවුරු නොකර මෙවැනි සංශෝධන හදිසියේ ගෙන ඒමෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකි බව ද එම ලිපියේ සඳහන් වේ. එබැවින්, මෙම සංශෝධනය ගෙන ඒමට පාදක වූ හේතු, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑම්වලින් තොරව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට ගෙන ඇති පියවර සහ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ මේ පිළිබඳව පවත්වා ඇති සාකච්ඡා මොනවාද යන්න පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස විශේෂ වාර්තාකාරිනිය රජයෙන් ඉල්ලා සිටී.

Google AdSense

In-Article Ad