
හිස් කාඩ්පත් නෑ.. රියදුරු බලපත්ර 673,000ක් මුද්රණය නවතී..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සතුව පවතින කාඩ්පත් තොග ප්රමාණවත් නොවීම හේතුවෙන් නව රියැදුරු බලපත්ර අපේක්ෂකයින්ට සහ අලුත් කිරීම් සඳහා ඉල්ලුම් කළ විශාල පිරිසකට නියමිත කාඩ්පත වෙනුවට තාවකාලික සහතික නිකුත් කිරීමට සිදුව ඇත. මෙම අර්බුදය හමුවේ රියැදුරු බලපත්ර මුද්රණය කිරීම දිගින් දිගටම ප්රමාද වීම නිසා සාමාන්ය ජනතාව මෙන්ම විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂාවෙන් පසුවන විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. Microchip සහිත ආරක්ෂිත ස්මාර්ට් කාඩ්පත් ආනයනය කිරීම පසුගිය වසර දෙකක පමණ කාලයක සිට අවස්ථා කිහිපයකදීම අඩාල විය. මෙහි ප්රතිඵලයක් ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් නියමිත ප්ලාස්ටික් කාඩ්පත වෙනුවට ආරක්ෂිත ‘QR’ කේතයක් සහිත තාවකාලික කඩදාසි බලපත්රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලදී. එම තාවකාලික බලපත්රවල වලංගු කාලය දිගින් දිගටම දීර්ඝ කිරීමට බලධාරීන්ට සිදු වූ අතර, විදේශයන්ගෙන් කාඩ්පත් තොග ගෙන්වා මෙම දැවැන්ත ලිපිගොනු ගොඩගැසීම කඩිනමින් අවසන් කිරීමට මීට පෙර අවස්ථා කිහිපයකදීම සැලසුම් සකස් කළ ද, හිස් කාඩ්පත් සැපයුම යථා තත්ත්වයට පත් නොවීම නිසා අර්බුදය තවදුරටත් උග්ර වී තිබේ.
Google AdSense
In-Article Ad

