FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ගේ ලේකම්ගේ නිවසින් සෙප්පුවක් හොයාගනී.. අල්ලස් කොමිසමට ගෙන යයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස කේන්ද්‍ර කරගනිමින් මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය (STF) ඒකාබද්ධවය. ඊයේ (16) රාත්‍රී 10.30ට පමණ ආරම්භ වූ මෙම විශේෂ පරීක්ෂාව අද (17) අලුයම 4.30 පමණ වන තෙක් පැය හයකට අධික කාලයක් පුරා නොකඩවා සිදු කර ඇති බව වාර්‍තා වේ. එහිදී මුළු නිවසම දැඩි පරීක්ෂාවට ලක් කළ විමර්‍ශන නිලධාරීන්, එම නිවසේ තිබූ අදාළ සේප්පුව විමර්‍ශන භාරයට ගෙන ඇති අතර ඊට සමගාමීව නිවැසියන්ගෙන් දීර්‍ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමට ද පියවර ගෙන තිබේ. ක්‍රිෂ් සමාගමේ ව්‍යාපෘතියකට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ අල්ලස් සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන සංජීව සමරසිංහ මහතාගේ නිවස මෙලෙස මධ්‍යම රාත්‍රියේ සෝදිසියට ලක්ව ඇත්තේ එම විමර්‍ශන මාලාවේ තවත් එක් පියවරක් වශයෙනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ද රාත්‍රී කාලයේදී පැය ගණනාවක් පුරා අදාළ නිවස මෙලෙස සෝදිසියට ලක් කළ බව තහවුරු කර ඇත.

Google AdSense

In-Article Ad