
විදුලි ගාස්තු වැඩි කරන්න අනුමැතිය ඉල්ලයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ගම්පහ දිවුලපිටිය මරදගහමුල දී පැවති මාධ්ය හමුවකදී ඔහු මේ බව කීවේය. විදුලි බල ඇමැති අනුර කරුණාතිලක මහත්තයා කිව්වේ නම් මෙවර විදුලිබිල වැඩි කරන්නේ නෑ කියලා. ඒත් මෙන්න බොලේ 2.88% කින් විදුලි බිල වැඩි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම අවසර ඉල්ලලා. මේ බිල වැඩි කිරීම හරහා මිලියන 4438ක් උපයාගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. පාඩුයි කිය කියා තමයි මෙහෙම කරන්න හදන්නේ. ඒත් හරියට දත්ත පරිශීලනය කළොත් මේ තත්ත්වය වෙනස්. මොකද මහජන උපයෝගීතා කොමිසම ම සමාගමට ප්රතිචාර දක්වලා තියෙනවා 1.46% පමණයි වැඩි කළ යුත්තේ කියලා. කොමිසමට අනුව ඒ වැඩිවීම රුපියල් මිලියන 2245යි. නමුත් විදුලි පාරිභෝගිකයන් හැටියට අපි කියන්නේ මෙවැනි වැඩිවීමක්වත් කෙරෙන්න ඕනේ නෑ කියලයි. ජාතික පද්ධති ක්රියාකරු සමාගම මේ වැඩි කිරීම ඉල්ලනකොට ගල් අඟුරු නැව් 5 ක් නොපැමිණීම සහ ටෙන්ඩර් අසාර්ථක වීම්වල මූල්ය බර විදුලි පාරිභෝගිකයන්ගෙන් මෙවර අය කළ යුතුයි කියලා යෝජනා කරලා තියෙනවා. ඒක පාරිභෝගිකයන්ගේ පිට පැටවීම් අසාධාරණයි. මොකද ආණ්ඩුව කිව්වෙත් ගල් අඟුරු පාඩුවේ බර ජනතාව පිට පටවන්නේ නෑ කියලායි. ඉදිරි කාර්තුවේදී සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 32.34%ක් ජල විදුලියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා මහජන උපයෝගිතා කොමිසම පුරෝකථනය කරනවා. සමස්ත විදුලි නිෂ්පාදනයට යන වියදමින් මේ ජල විදුලිය නිපදවන්න යන වියදම 3.45% ක් බව කොමිසම කියනවා. ඒ කියන්නේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් තුනෙන් එකකට ආසන්න ප්රමාණයක් නිපදවන්න යන්නේ ඉතා සොච්චම් මුදලක්. ඒ අනුව වැඩි කොටසක් යන්නේ ඩීසල් බලාගාර කප්පිත්තන් අතයි. ඒ නිසා ජල විදුලිය අඩු වියදමින් නිපදවීමේ වාසිය විදුලි පාරිභෝගිකයන්ට දිය යුතුයි. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම අනුමත නොකළ රුපියල් මිලියන 669ක ධාරිතා ගාස්තුවක් ජාතික පද්ධති ක්රියාකරු සමාගම මේකට ඔබලා තියෙනවා. අවසන් නොකළ ව්යාපෘති වෙනුවෙනුත් ණය ගෙවන්න මිලියන 1069ක් මේ ගාස්තු වැඩි කිරීම් යෝජනාවලියට ඇතුළත් කරලා තියෙනවා. ඒකත් තනිකර වැරදි වැඩක්. කොමිසම මේ ගාස්තු සංශෝධන පිළිබඳව අදහස් දැක්වීම සඳහා ජනතාවට ඔක්තෝබර් 30දා දක්වා කාලය ලබාදී තිබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඉස්සරහට තවත් ජලාශ පිරෙන්න පුළුවන්. එතකොට අඩු වියදමින් නිපදවන ජලවිදුලිය තවත් වැඩිවෙනවා. ඒ අනුව ජල විදුලි ධාරිතාව ගණනය කරලා, ගල් අඟුරු පාඩුව පාරිභෝගිකයන්ගෙන් ඉවත් කරලා, අනුමත නොකළ ගෙවීම් අයින් කරලා ගණන් හැදුවොත් විදුලි ගාස්තු සියයට තුනත් පහත් අතර ප්රමාණයකින් අඩු කරන්න පුළුවන්. මොකද ගල් අඟුරු පවට අපිට කර ගහන්න බෑ. ඒ වගේම පුනර්ජනනීය බල ශක්තියට පණ දීලා, සෝලා බැටරි ක්රමය ඵලදායි ලෙස භාවිතා කරලා කටයුතු කළොත් සියයට දහයකින් විදුලි ගාස්තු අඩු කරන්න පුළුවන් එනිසා විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව වහාම හකුලාගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
Google AdSense
In-Article Ad

