FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අලුත් කතානායකට නම් යෝජනා වෙයි.. ඒ ගැනත් වාද විවාද..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක මෙම සංවාදය කරළියට පැමිණ තිබේ. ආරංචි මාර්‍ගවලට අනුව, කථානායක ධුරයේ වෙනසක් සිදුවුවහොත් දැනට නියෝජ්‍ය කථානායක ධුරය හොබවන වෛද්‍ය රිස්වි සාලි මහතා කථානායක පුටුවට පත් කළ යුතු බවට ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්‍ශ්වයෙ ස්ථාවරය වේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පාර්‍ශ්වය මතය වී ඇත්තේ, මෙම තනතුර පක්ෂයේම සාමාජිකයකු වෙත හිමිවිය යුතු බවය. මේ අතර, යම් හෙයකින් කථානායක ධුරය සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ නම යෝජනා වුවහොත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක්ම ඊට සහාය දැක්වීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බව ද වාර්‍තා වේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන දිනය පාර්‍ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවේ ඉදිරියේදී තීරණය කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, එම යෝජනාවේ අන්තර්‍ගත ඇතැම් කරුණු නීතිමය ගැටලුවලට තුඩු දෙන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර තිබේ. නීතිපති මතය ලැබීමට සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන් අදාළ විවාදය පැවැත්වීම බෙහෙවින් ප්‍රමාද වනු ඇතැයි පැවසේ. මීළඟ 2027 මුදල් වර්‍ෂය සඳහා වන විසර්‍ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) ලබන නොවැම්බර් 12 වැනිදා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අයවැය විවාදය සහ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ලබන සතියේ පැවැත්වෙන පාර්‍ලිමේන්තු සභා වාරවලින් පසු සම්පූර්‍ණ කාලය අයවැය වෙනුවෙන් වෙන් වන බැවින්, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය ලබන දෙසැම්බර් මාසයේ අයවැය කටයුතු අවසන් වන තෙක් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්‍ග විශ්වාස කරයි. මෙලෙස විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන දිගින් දිගටම කල් දැමීමේ උත්සාහයට එරෙහිව ලබන සතියේ පාර්‍ලිමේන්තු රැස්වීම් වාරයේදී දැඩි විරෝධයක් එල්ල කරමින් සභාව තුළ දැඩි හඬක් නැගීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වන බව ද වාර්‍තා වේ.

Google AdSense

In-Article Ad