FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නොරොච්චෝල සම්පූර්‍ණයෙන්ම නවතී

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ජාතික විදුලිබල පද්ධතියේ හටගත් හදිසි කාර්‍මික දෝෂය සහ පද්ධතියේ සංඛ්‍යාතය එකවර කඩා වැටීම හේතුවෙන්, ස්වයංක්‍රීය ආරක්ෂක පියවරක් ලෙස බලාගාරයේ ක්‍රියාකාරීත්වය මෙලෙස එකවර ඇණහිට ඇති බව බලධාරීහු පෙන්වා දෙති. මෙම හදිසි අක්‍රිය වීමත් සමඟ නොරොච්චෝල බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට සපයනු ලබන සමස්ත ධාරිතාවම පද්ධතියට අහිමි වී තිබේ. ජලවිදුලි හෝ ඩීසල් බලාගාර මෙන් නොව, ගල් අඟුරු බලාගාරයක් පද්ධතියෙන් විසන්ධි වූ අවස්ථාවකදී එය ක්ෂණිකව යළි පණගැන්වීමේ තාක්ෂණික හැකියාවක් නොමැත. අධික උෂ්ණත්වයක පවතින බොයිලේරු සහ වාෂ්ප ටර්‍බයින සම්පූර්‍ණයෙන්ම සිසිල් වීමට ඉඩ හැරීමෙන් අනතුරුව, නැවත පීඩනය ගොඩනගා පද්ධතියට සම කිරීම සඳහා සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය 48ත් 72ත් අතර කාලයක් ගතවන බව විදුලිබල ඉංජිනේරුවරු පෙන්වා දෙති. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40කට අධික මූලික විදුලි ධාරිතාවක් සපයනු ලබන්නේ මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර 3කින් සමන්විත නොරොච්චෝල ලක්විජය බලාගාරය මගිනි. මීට පෙරද දිවයින පුරා විදුලි බිඳවැටීම් සිදුවූ සෑම අවස්ථාවකදීම මෙම බලාගාරය අක්‍රිය වූ අතර, එය යථා තත්ත්වයට පත් කරන තෙක් පද්ධතියේ පවතින මෙගාවොට් 900ක දැවැන්ත හිඟය පියවා ගැනීම බලධාරීන්ට දැඩි අභියෝගයක් විය.

Google AdSense

In-Article Ad