
සජිත්ටත් ලොකු ලෙඩක් වැටෙයි... CID ප්‍රශ්ණ කරන්න යයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ බවට පාර්‍ලිමේන්තුවේදී ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවට නීතිපති දෙපාර්‍තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. අදාළ මන්ත්‍රීවරුන් මෙම ප්‍රකාශ සිදුකර ඇත්තේ පාර්‍ලිමේන්තුව තුළදී බැවින්, ඒ සඳහා පාර්‍ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂාව හිමිවන අතර, ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ පූර්‍ණ කැමැත්ත සහ සහයෝගය මත ස්වේච්ඡාවෙන් පමණි.News මේ සම්බන්ධයෙන් ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්‍තා කරන්නේ, මෙම මන්ත්‍රීවරුන් සතුව සිය ප්‍රකාශ සනාථ කිරීම සඳහා විශ්වාසදායක තොරතුරු තිබිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විශ්වාස කරන බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, එම ප්‍රකාශ සඳහා පදනම් වූ
Google AdSense
In-Article Ad

