FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රට පුරා මහ වැසි ඉදිරියටත්... ආපදාවට සුදානම් වන්නැයි දන්වයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවීමත් සමඟ, සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට සහ පාලනය කිරීමට වහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්‍ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද ‘ඇම්බර්’ පැහැති අවවාදාත්මක නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි නායයෑම්, ජලගැලීම් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා අදාළ නිවේදනවලට අනුකූලව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු පාර්‍ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, පවතින තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ හදිසි සහන සේවා අවශ්‍යතා සඳහා ‘117’ ක්ෂණික දුරකථන අංකය අමතන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙසත් එම මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙයි. මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්‍ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්‍තා වී ඇති අතර, එහි අගය මිලිමීටර් 104 කි. ඊට අමතරව කළුපහන ප්‍රදේශයට මිලිමීටර් 95.5 ක්, මස්කෙළියට මිලිමීටර් 85.5 ක්, පොල්පිතිගමට මිලිමීටර් 85.0 ක් සහ රත්නපුර දම්මුල්ල ප්‍රදේශයට මිලිමීටර් 82.5 ක වර්‍ෂාපතනයක් වාර්‍තා වී තිබේ.

Google AdSense

In-Article Ad