FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී සැකකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ. 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මෙරට සංචාරය කළ අවස්ථාවේදී තුම්මුල්ල ප්‍රදේශයේ මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන පරිදි විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇත. වරෙන්තු නිකුත් කෙරුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, එම නියෝගය ලබාදීමෙන් අනතුරුව (21)අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ගමන් ගත් වාහනයේ හටගත් හදිසි කාර්‍මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ අනුව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, වරෙන්තුව ආපසු කැඳවීම පිළිබඳ අදාළ ඉල්ලීම හෙට (22) දින සිදුකරන ලෙස දැනුම් දුන්නේය.

Google AdSense

In-Article Ad