FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපේ ආදර්‍ශය වන්නේ විසිරුණු සියලු හැකියා ඒකාබද්ධ කර මහා හුයකින් මේ සමාජය යළි ගොඩනැඟීමයිආණ්ඩුවට අවුරුදු 02ක් පිරෙන දිනයේ ජනපති ෆේස්බුක් සටහනක් තබයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්‍ණ වන අද දිනයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස්බුක් සටහනක් පළ කරමින්, රටේ අනාගතය සම්බන්ධයෙන් තම දැක්ම හා විශ්වාසය ජනතාව සමඟ බෙදාගෙන තිබේ. “මම මා කෙරෙහි විශ්වාසය තබනවා. ඒ වගේම, අපේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසය තබනවා. විශේෂයෙන්ම තාක්ෂණවේදීන්, විශේෂඥ දැනුම තිබෙන මේ සියලුදෙනා විශ්වාස කරනවා. ඒ වගේම, අපේ ජනතාව තුළ ඇති අනෙකාගේ දුක වේදනාව හමුවේ සංවේදී වන තමන්ටම අනන්‍ය වූ සාරය කෙරෙහි අපි විශ්වාසය තබනවා,” යැයි ජනාධිපතිවරයා එම සටහනේ සඳහන් කර තිබේ. “කුඩා කුඩා කෙඳි එකතු කර මහා කඹයක් නිර්‍මාණය කරනවා වගේ අපට මේ සියලු ශක්‍යතා එක තැනකට ගොනු කර ගොතා ගැනීමට හැකි වුවහොත්, අපේ රට ශක්තිමත්ව යළි නැඟී සිටීමේ ආදර්‍ශය බවට පත් වෙනවා. ඒ නිසා අපේ ආදර්‍ශය වන්නේ විසිරුණු සියලු හැකියා ඒකාබද්ධ කර මහා හුයකින් මේ සමාජය යළි ගොඩනැඟීමයි,” යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Google AdSense

In-Article Ad