
‘ඔන්ලයින්’ ණය උගුල් ගැන CID පරීක්ෂණ.. කොන්දේසි නොබලා ණය ගන්න එපා කියයි..
FM Heart · 1 min read
ජංගම දුරකථන යෙදුම් මඟින් මෙලෙස ලබාගන්නා ක්ෂණික ණය ආපසු අයකර ගැනීමේදී අතිවිශාල පොලී අනුපාත යටතේ මුදල් අයකර ගනිමින් ගනුදෙනුකරුවන් දැඩි පීඩාවට සහ අපහසුතාවට පත්කරන බවට ලද තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ණය ලබාගන්නා බොහෝ පුද්ගලයන් අදාළ ආයතන දක්වා ඇති නීතිමය කොන්දේසි පිළිබඳව නිසි කියවීමකින් හෝ අවබෝධයකින් තොරව මෙම යෙදුම් සිය දුරකථනවල ස්ථාපිත කර ණය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි. ණය මුදල් ආපසු අයකර ගන්නා ක්රමවේද මෙන්ම මෙම යෙදුම් භාවිතයෙන් මතුවිය හැකි සියලු අවදානම් සම්පූර්ණයෙන්ම ණය ගැණුම්කරු විසින් දැරිය යුතු බව එම ආයතන සිය කොන්දේසිවල ඉතා පැහැදිලිව දක්වා ඇති බවද පොලිසිය පෙන්වා දෙයි. එබැවින් මාර්ගගත ක්රම ඔස්සේ මුදල් ලබාගැනීමේදී දැඩි සැලකිලිමත්භාවයකින් සහ අවබෝධයකින් කටයුතු කිරීමෙන් මෙවැනි ගැටලු සහගත තත්ත්වයන් මඟහරවා ගත හැකි බව පොලිසිය අවධාරණය කරයි. යම් පුද්ගලයෙකුට මාර්ගගත ක්රමය ඔස්සේ ණය ලබාගැනීමට අත්යවශ්යතාවක් ඇත්නම්, අදාළ සමාගම දක්වා ඇති සියලු කොන්දේසි පිළිබඳව නිවැරදිව කියවා පූර්ණ අවබෝධයක් ලබාගැනීමෙන් අනතුරුව පමණක් එම ණය පහසුකම් ලබාගන්නා ලෙසත්, ඒ හරහා සිදුවිය හැකි මූල්ය අලාභයන් සහ මානසික පීඩාවන් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්රී ලංකා පොලිසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

