FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාසල් සිසුන්ට ඒඩ්ස් (HIV) පරීක්‍ෂණ

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අදාළ සංශෝධන ඇතුළත් 2024/29 (II) දරන චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්, පරිවේණාධිපතිවරුන්, රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් නිකුත් කර ඇත. පසුගිය වසර තුළ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන තරුණ තරුණියන් 107 දෙනෙකු ඒඩ්ස් රෝගයට ගොදුරු වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්‍ග උපුටා දක්වමින් වාර්‍තා වන පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි. නව චක්‍රලේඛයට අනුව, එච්.අයි.වී. පරීක්ෂණවලට අමතරව ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis), හෙපටයිටිස් (Hepatitis), සමේ පිළිකා, පිළිකා ප්‍රතිකාර හා ඒ ආශ්‍රිත පරීක්ෂණ රැසක් සඳහා වන වියදම් ද මෙම රක්ෂණය මඟින් ආවරණය කිරීමට නියමිතය. තවද, අධ්‍යාපන චාරිකා හෝ ක්‍රීඩා උත්සව ඇතුළු පාසල් වේලාව තුළදී හෝ ඉන් පිටතදී අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ක්‍රියාකාරකම්වලදී සිසුන්ට සිදුවන හදිසි අනතුරුවලදී රුපියල් ලක්ෂයක උපරිම ප්‍රතිලාභ මුදලක් හිමිවන බව එහි දැක්වේ. කොඳු ඇට පෙළෙහි විකෘතිතා නිවැරදි කරගැනීමට පළඳින උපාංග සඳහා වන වියදම් විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ ආයුර්‍වේද වෛද්‍යවරයකුගේ නිර්‍දේශය මත ආවරණය වන පරිදි සංශෝධනය කර ඇති අතර, ශ්‍රවණාධාර උපකරණ අලුත්වැඩියාව සහ බැටරි මාරු කිරීම හැර ඒ සඳහා වැය වන සේවා ගාස්තු ද රක්ෂණයෙන් ගෙවනු ලැබේ. මීට අමතරව, හදිසි අනතුරක් හේතුවෙන් සිදු කිරීමට නියමිත උකුල් ඇට, උරහිස් සහ දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය සඳහා කෙරෙන ප්‍රධාන ශල්‍යකර්‍ම වෙනුවෙන් වැය වන පිරිවැය ද මෙම ‘සුරක්ෂා’ රක්ෂණාවරණය යටතට ඇතුළත් කර ඇති බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

Google AdSense

In-Article Ad