FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දීය සාගරයේ ඇමරිකානු නෞකාවලට පහර දෙනවා..- ඉරානය

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

එක්සත් ජනපදය සිය රටට එරෙහිව යළිත් වරක් ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කළහොත්, ඉන්දීය සාගර කලාපයේදී ඇමෙරිකානු යුද නෞකාවලට ප්‍රහාර එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නාවික අංශයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී අලි මොහොමඩි දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. දකුණුදිග වරාය නගරයක් වන බන්දර් අබ්බාස්හිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, නව ගැටුමක් හටගතහොත් ඉන්දීය සාගරයේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු නෞකා ඉලක්ක කර කිසිදු පැකිළීමකින් තොරව පහර දෙන බවයි. ලෝක බොරතෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්‍ගික වැදගත්කමකින් යුත් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ දින හතක යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඉරානය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත. එම මුහුදු මාර්‍ගයේ සම්පූර්‍ණ පාලනය මේ වන විටත් තමන් සතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ (Trump Strait) ලෙස නම් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්ද පළ කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් මොහොමඩි ප්‍රශ්න කර සිටින්නේ, ට්‍රම්ප් පවසන පරිදි එම මුහුදු කලාපයේ ආධිපත්‍යය අමෙරිකාව සතු නම් ඔවුන්ගේ යුද නෞකා එම කලාපයට නොපැමිණෙන්නේ මන්ද යන්නයි. තෙල් ප්‍රවාහන නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන බවට පළවන වාර්‍තා අසත්‍ය බවත්, පර්‍සියානු බොක්ක, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන් බොක්ක ආශ්‍රිත සමස්ත කලාපයම මේ වන විට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ දැඩි නිරීක්ෂණයට නතු කරගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. නවීන උපක්‍රම, උසස් තාක්ෂණික යුද උපකරණ සහ මෙහෙයුම් ක්‍රමවේද අනුගමනය කරමින් ඕනෑම සතුරු ආක්‍රමණයකට මුහුණ දීමට ඉරාන සන්නද්ධ හමුදා පූර්‍ණ සූදානමින් පසුවන බවද ඔහු අවධාරණය කළේය. බටහිර ආසියානු කලාපයේ සිදුවන දේශපාලනික හා යුදමය වර්‍ධනයන් හමුවේ විදේශීය බලවතුන්ගේ මැදිහත්වීම් අවම වී, අවසානයේ බාහිර ආධිපත්‍යයෙන් තොර නිදහස් පර්‍සියානු බොක්කක් බිහිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ නීතිවිරෝධී ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සීමා කිරීමට පියවර ගත්තේය. අනතුරුව, පාකිස්ථානයේ මැදිහත්වීම මත ජුනි 17 වන දින ටෙහෙරානය සහ වොෂින්ටනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ 5 වන වගන්තියට අනුව, එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ කළමනාකරණය කිරීමේ පූර්‍ණ අයිතිය හා වගකීම හිමි වූයේ ඉරානයටයි. කෙසේ වෙතත්, එම සාම එකඟතාව උල්ලංඝනය කරමින් එක්සත් ජනපදය යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් නාවික අවහිරතාවක් පැනවීමට උත්සාහ දැරීම හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නාවික ගමනාගමනයන් සඳහා මුළුමනින්ම වසා දැමීමට ඉරානය ක්‍රියා කළේය. ඉරානය එල්ල කළ සාර්‍ථක ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු ඩ්‍රෝන යානා බිම හෙළීමට සහ කලාපයේ පිහිටි ඔවුන්ගේ කඳවුරු හා රේඩාර් පද්ධති ඉලක්ක කිරීමට හැකි වූ බැවින්, අමෙරිකාව මේ වන විට ගුවන් නිරීක්ෂණ කටයුතුවලට පමණක් සීමා වී ඇතැයිද මොහොමඩි පවසයි. ඉතිහාසය පුරා ඉරාන ජාතියට එරෙහිව සතුරු ක්‍රියාමාර්‍ග ගත් ඕනෑම බලවතෙකුට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.

Google AdSense

In-Article Ad