FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනතාව බලාපොරොත්තු වූ තරමට සහන දෙන්න බැරවුනා.. හැබැයි රට සෑම අතින්ම ඉදිරියට ගනිමින් ඉන්නේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, බලාපොරොත්තු වූ මට්ටමින් ජන සහන සැලසීමට නොහැකි වුවද, පසුගිය මැතිවරණයේදී ජනවරම ලබා දුන් ඡන්දදායකයන්ට මෙන්ම සමස්ත රටවැසියන්ට ද සතුටු විය හැකි අයුරින් රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්‍ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙසේද පැවසීය. "ජනතාවට ජාතික ජන බලවේගය ආණ්ඩුව විදිහට බලාපොරොත්තු වුණු ප්‍රමාණයට සහන දෙන්න බැරිවෙලා තියෙනවා. ඒක අපි අවංකවම පිළිගන්නවා. හැබැයි අද අපි මේ රටත්, අපිට ඡන්දය ලබා දුන් ජනතාවට සතුටු වෙන්න පුළුවන් මට්ටමටත් සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළට ඔසවා තබමින් සිටිනවා. ඒ අතරින් ඇතැම් ක්ෂේත්‍ර දැනටමත් යහපත් තත්ත්වයකට පත් කිරීමට අපට හැකිවෙලා තියෙනවා. ඒ වගේම විපක්ෂය ඇතුළු පාර්‍ශ්වයන් ජනතාව බිය ගැන්වීම සඳහා මවා පෙන්වූ සියලු බිල්ලන්ගේ කතා ද මේ වන විට සම්පූර්‍ණයෙන්ම අහවර වී තිබෙනවා."

Google AdSense

In-Article Ad