
අපේ ආර්‍ථිකය මුල් මාස පහේම ධන.. ලෝක තෙල් මිල නිසා දැන් පොඩ්ඩක් ඍණ වෙලා..- ජනපති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'අපේ ආණ්ඩුව - වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ ගම්පහ නගර සභා පිටියේ පැවති ජන රැලිය අමතමිනි. එහිදී කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි. මීට පෙර මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක් පමණ වැය වුව ද, පවතින තත්ත්වය හමුවේ එම වියදම ඩොලර් මිලියන 300ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය. මෙරටින් බැහැරට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉහළ යාම ආර්‍ථික ශේෂය සුළු වශයෙන් ඍණ වීමට ප්‍රධානතම හේතුව වූ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. කෙසේ වෙතත්, වත්මන් පාලනයේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම හා සාර්‍ථකම ආර්‍ථික දර්‍ශක රැසක් වාර්‍තා කිරීමට රජය සමත් වූ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. දීර්‍ඝ කාලයක් පුරා පැවති අයවැය හිඟය 2.3% දක්වා පහත හෙළීමට හැකිවීම, ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,800ක ඓතිහාසික අතිරික්තයක් පවත්වා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජන බලවේග රජයට ආර්‍ථිකය කළමනාකරණය කළ නොහැකි බවට විරුද්ධ පාර්‍ශ්ව එල්ල කළ සියලු සැක සංකා ප්‍රායෝගිකවම බිඳහෙළා ඇති බව ද කියා සිටියේය.
Google AdSense
In-Article Ad

