FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දියාවට පලාගොස් සිටියදී අත්අඩංගුවට දිවයිනට රැගෙන ආ සැකකරුවන් දෙදෙනා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වත්තල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් ජූලි 23 වනදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩා වැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර, බෝට්ටුවකින් ඉන්දියාවට පලාගිය සැකකරුවන් දෙදෙනා එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි මහේෂ්වරන් ලුසිනාත් සහ 34 හැවිරිදි ගනේෂන් විග්නේෂ්වරන් නැමැති පුද්ගලයින් දෙදෙනායි. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් ඊයේ පස්වරුවේ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි නෙත් නිව්ස් ගුවන්තොටුපොළ වාර්‍තාකරු සඳහන් කළේ. ඉන්දීය ආරක්ෂක අංශ මගින් ලබාදුන් පූර්‍ව දැනුම්දීමට අනුව ක්‍රියාත්මක වූ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තු නිලධාරීන් විසින්, සැකකරුවන් දිවයිනට පැමිණි සැනින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපොළ ක්‍ෂෘ නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්‍ශන සඳහා දැඩි ආරක්ෂක සංවිධාන මැද ඔවුන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්‍තා වන්නේ. .

Google AdSense

In-Article Ad