
උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 6ක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්‍ශනයක්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අද දින පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් වෙනත් ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී සොයා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් විශේෂ විමර්‍ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිදුවීම වාර්‍තා වන්නේ අම්බලන්තොට පිහිටි උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන පාසලකින්. ඊයේ දිනට නියමිතව තිබූ සංගීතය, නර්‍තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්වලට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් විවෘත කිරීමේදී, ඒ තුළ තිබී මෙම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් හමුවී ඇති බවයි නෙත් නිව්ස් වෙත වාර්‍තා වුණේ. කෙසේ වෙතත්, අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු කිසිදු පැකට්ටුවක් නිරාවරණය වී හෝ විවෘත වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා. “ඇත්තටම මේ අසත්‍ය ප්‍රවෘත්තියක්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අම්බලන්තොට විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර පැකැට්ටු අඩංගු ගෝනී විවෘත කිරීමේදී, අධ්‍යයන… ඊට අදාළ ප්‍රශ්න පත්‍ර පැකැට්ටු අඩංගු ගෝනියක් ද අතපසුවීමෙන් විවෘත කරලා තිබෙනවා. ඒ පිළිබඳ විභාග දෙපාර්‍තමේන්තුවට දැනුම් දුන් පසුව, අපි ලබා දුන් උපදෙස් පරිදි එම ගෝනිය මුද්‍රා තබා සුරක්ෂිතව නැවත ගබඩා කරලා තිබෙනවා. එබැවින් කිසිදු ප්‍රශ්න පත්‍රයක් පැකැට්ටුවක් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් බැහැරට නිකුත් කිරීමක් සිදුවෙලා නැහැ. ඒ අනුව ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු ආකාරයෙන් සිදුවී නොමැති බවත් අවධාරණය කරලා කියනවා. විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලින් කලබලයට පත් නොවී, විභාගයට මුහුණ දෙන දරුවන්ට නියමිත පරිදි කාලසටහනට අනුව තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානවලට පැමිණ විභාගයට ඉදිරිපත් වෙන්න කියලා මම කාරුණිකව දැනුම් දෙනවා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්‍ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දන්නවා සිටිනවා.” .
Google AdSense
In-Article Ad

