FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කවුරු විරුද්ද වුනත් 22 නොනැවතේ.. අගහරුවාදා පාර්‍ලිමේන්තුවට..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර එහි කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ එක් සාධනීය පියවරක් ලෙස මෙම සංශෝධනය හඳුන්වා දෙන බවයි. මෙම නව සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දැනට පවතින අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවීමට යෝජිතය. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පසුගියදා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන ද සිය විරෝධය පළ කර ඇත. එමෙන්ම ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ද මෙම සංශෝධනය සම්බන්ධයෙන් සිය දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්‍තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාවට අනුව, පනත් කෙටුම්පතක් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු කියවීමෙන් පසු දින 14ක කාලයක් ඇතුළත ඕනෑම පාර්‍ශවයකට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව පවතී. එවැනි පෙත්සම් ඉදිරිපත් වුවහොත්, දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්‍ලිමේන්තුවට දැනුම් දිය යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට සූදානමින් සිටින බව ද වැඩිදුරටත් වාර්‍තා වේ

Google AdSense

In-Article Ad