
රත්මලානේ වෙඩි තැබීමේ සිද්ධියට ගෑවුණු දෙදෙනෙක් අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රත්මලාන, කඳවල හන්දිය ආසන්නයේදී පසුගිය පළමු වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මගින්. ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පළමුව එක් සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේදීයි. ඔවුන් දෙදෙනාම දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. එම සැකකරුවන් ගිනිඅවි ප්‍රවාහනය කිරීමට සහ වෙඩික්කරුට සැඟවීමට ආධාර අනුබල දී ඇති බවයි පොලීසිය පැවසුවේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මගින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මකයි. .
Google AdSense
In-Article Ad

