FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් කලාපයේ අද අලුයම සිදුවූ භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්‍ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. අද අලුයම 03.28 ට පමණ ඉන්දීය සාගරයේ සිදුවූ මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 7.7 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පැවසුවේ. කෙසේවෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තර්‍ජනයක් නොමැති අතර, දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය සුරක්ෂිත බවද එම දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. අදාළ ජාතික හා අන්තර්‍ජාතික ආයතන සමඟ එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad