
කදුකරයේ එළවළු වගා විනාශයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජීවන උපාය වශයෙන් එළවලු වගාව සිදු කරන හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් තම ඉඩම්වල යල සහ මහ කන්න දෙකේම අමු මිරිස් , නයි මිරිස් , ගෝවා , කැරට් , රාබු , මාළු මිරිස් වලාව සාර්‍ථකව සිදු කරන බවත් , පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්‍සාව හේතුවෙන් එම එළවලු වගාවේ අස්වැන්න නෙළීමට ආසන්නව තිබියදි එම වගාව විනාශ වී ගිය බවයි එම ගොවීන් කියා සිටියේ . එසේ විනාශ වූ එළවලු වගාවෙන් පසු යලිත් එළවලු පැළ රෝපණය කලද එසේ සිටවූ පැළද තව දුරටත් පවතින වර්‍ෂාව හේතුවෙන් කුණු විගොස් ඇති බවත් , එම එළවලු වගාව වර්‍ෂාවෙන් ආරක්ෂා කිරිමට කිසිදු රාසායනික ද්‍රව්‍යක් නොමැති බවයි එම ජනතාව කියා සිටියේ . තවද , තම ජනපදයෙ එළවලු වගා භුමියේ ඇතැම් ස්ථානවල පස වැඩි ජලයට ගසාගෙන ගොස් ඇති බවත් , එසේ පස් ගසාගෙන ගිය ස්ථානවලට යලිත් පස් පුරවා එළවලු වගා භූමිය සකස් කිරිමට සිදු වූ බවත් , තමන්ට සිදු වූ ආපදාව සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ කිසිදු වග කියයුතු නිළධාරියෙක් නොපැමිණි බවයි හැටන් රුවන්පුර ජනපදයේ එළවලු වගාව ජීවනෝපායක් වශයෙන් සිදු කරගෙන යන ජනතාව කියා සිටියේ .
Google AdSense
In-Article Ad

