FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දිස්ත්‍රික්ක රැසක් තදින්ම වියලේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම දෙපාර්‍තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වේ. දිවා කාලයේදී පවතින අධික උෂ්ණත්වය සහ වායුගෝලයේ ආර්‍ද්‍රතාවය හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන රශ්නය ඉහළ යාම නිසා සෞඛ්‍ය අවදානම් මතු විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව එළිමහන් කටයුතුවල නිරත වීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවට උපදෙස් දෙනු ලැබේ. විශේෂයෙන්ම සෘජු සූර්‍යාලෝකයට නිරාවරණය වීම හැකිතාක් සීමා කරන ලෙසත්, විජලනය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීමේ වැදගත්කම ද කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව අවධාරණය කරයි.

Google AdSense

In-Article Ad