FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දිවයිනට රැගෙන ආ ශිරාන් බාසික් භාරදුන් තැන

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්‍ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය වෙත භාර දී තිබෙනවා. සැකකරු සමග රැගෙන ආ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්‍ශන සඳහා එම කාර්‍යාංශය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවේ අබුඩාබි නුවර සිටයි. ශිරාන් බාසික් නමැතැතා 2018 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පලාගොස් ඇති බවටයි වාර්‍තා වුණේ. ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබුණා. ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්‍ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ ඔහු ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. .

Google AdSense

In-Article Ad