FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

භාණ්ඩ ගේන මුවාවෙන් හොර පාරෙන් පිටරටට ඩොලර් පන්නපු අයට බඩුම තමා - කෙළින්ම හිරේ යන්න වැඩ සෙට්වෙන අලුත් නීතියක් ගෙනෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරුකිරීම අපරාධ වරදක් ලෙස හඳුන්වාදීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්‍ථික සංවර්‍ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අත්තිකාරම් ගෙවීම් ලෙස විදේශයන් වෙත මුදල් යවා, සාධාරණ කාලයක් තුළ ඊට අනුරූප භාණ්ඩ මෙරටට ආනයනය නොකිරීම අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකේ. පවතින නීතිය යටතේ එවැනි ක්‍රියා සඳහා ගත හැකි එකම පියවර වී තිබුණේ ශ්‍රී ලංකා මහබැංකුව මගින් අදාළ මුදලට සමාන දඩයක් පැනවීම පමණි. එම ක්‍රියාවන් අපරාධ වැරදි ලෙස අර්‍ථ දක්වා නොතිබීම නිසා අදාළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට නෛතික ප්‍රතිපාදන පැවැතුණේ නැත. මෙම නව පනත් සංශෝධනය ඔස්සේ අනවසර විදේශ විනිමය මාරු කිරීම් අපරාධ වරදක් බවට පත්කිරීම හරහා විමර්‍ශන හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඊට එරෙහිව වඩාත් ඵලදායී ලෙස නීතිමය පියවර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

Google AdSense

In-Article Ad