
සංචාරකයන් දෙදෙනෙකුගේ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී හමුවේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙසේ මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ ජාතිකයෙකු සහ 52 හැවිරිදි වියේ පසු වූ ස්කොට්ලන්ත ජාතිකයෙකු බව පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. මොවුන් දෙදෙනා වැලිගම, ගුරුබැවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි පිරිසක් බව විමර්‍ශනවලදී අනාවරණය වී ඇත. මෙම විදේශිකයන් දෙදෙනා සියදිවි නසාගෙන ඇති බවට මූලික විමර්‍ශනවලදී සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. කෙසේ වෙතත්, ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබේ. මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත තිහගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන පවත්වයි.
Google AdSense
In-Article Ad

