FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 වෙනුවෙන් ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්.. නිල වශයෙන් දන්වයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අධිකරණ පද්ධතිය තුළ සිදු කිරීමට අපේක්ෂිත සැලකිය යුතු මට්ටමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එරෙහිව ඇතැම් පිරිස් දේශපාලන අරමුණු පෙරදැරිව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පසුගියදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 25ක් 30ක් වැනි දීර්‍ඝ කාලයක් තිස්සේ අධිකරණ ක්‍රියාවලිය තුළ පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සාධාරණය ඉටු කිරීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බවයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් යම් යම් පාඩු ලබන පිරිස් සහ දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් ඊට විරුද්ධව කටයුතු කරන බව පෙනෙන්නට තිබුණද, රජය එම ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන බව ඔහු අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ඕනෑම තීරණයකට ගරු කිරීමට රජය බැඳී සිටින බවයි. ඒ අනුව, පාර්‍ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ නම්, එම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Minister Jayathissa Voices Concerns Over Judicial Reform Resistance Minister of Health and Media, Dr. Nalinda Jayathissa, has expressed serious concerns regarding political maneuvers by certain groups opposing planned judicial reforms, asserting that their actions are driven by ulterior motives. During a public meeting held recently, the Minister emphasized that the core objective of these reforms is to ensure timely justice for citizens who have faced prolonged delays in the judicial process for 25 to 30 years. While it appears that some groups suffering losses and seeking political gain are actively resisting these changes, Dr. Jayathissa reiterated the government’s commitment to advancing the reform agenda despite the pushback. He further stated that the government is bound to respect any ruling the Supreme Court may issue regarding the reforms, affirming its readiness to confront any situation that may arise, including the necessity for a two-thirds majority in Parliament or a referendum. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad