FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනපතිට කැමති කෙනෙක් අගවිනිසුරු කරන්න පුළුවන්..- ලක්මාලි

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

පවතින නීතිමය රාමුව තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තමන් කැමති පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයට පත් කරගැනීමේ හැකියාව පැවතියද, ඔහු ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් වත්මන් අගවිනිසුරුවරයා පත් කිරීමට කටයුතු කළ බව පාර්‍ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. පාර්‍ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කළේ, වත්මන් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විපක්ෂය නිරන්තරයෙන් විවිධ මත පළ කරන බැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි. වත්මන් පාලනාධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට කිසිදු විනිසුරුවරයෙකු පෞද්ගලික කැමැත්ත මත පත් කර නොමැති බව ඇය අවධාරණය කළාය. අතීතයේ ජේ.ආර්. ජයවර්‍ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් තමන්ට රුචි විනිසුරුවරුන් අධිකරණ පද්ධතියේ ඉහළ තනතුරුවලට පත් කරගත් අවස්ථා ඉතිහාසයේ ඕනෑතරම් පවතින බව මන්ත්‍රීවරිය මෙහිදී සිහිපත් කළාය. විශේෂයෙන්ම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කර තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු පත් කරගත් ආකාරය පිළිබඳව ද ඇය කරුණු දැක්වූවාය. එවැනි පසුබිමක, වත්මන් ජනාධිපතිවරයාට ද තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු පත් කරගැනීමේ නීතිමය අවකාශය තිබියදීත්, ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම්ව මෙම පත්කිරීම සිදුකර ඇති බව ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. Parliamentarian Raises Concerns Over Current Legal Framework for Appointments In a pointed address to Parliament, Lakmali Hemachandra highlighted that President Anura Kumara Dissanayake had the legal capacity to appoint a preferred individual to the position of Chief Justice. However, it was noted that the President opted to proceed with the current appointment based on seniority. Hemachandra emphasized the need for clarity on the issue, given that the opposition frequently expresses diverse opinions regarding the incumbent Chief Justice. She argued that the public deserves transparency in the appointment process. Pointing out that no judge from the Supreme Court, Court of Appeal, or High Court has been appointed solely on an individual's personal preference under the current administration, she stressed the importance of maintaining the integrity of the judicial system. Recalling past instances, the parliamentarian referenced how former Presidents J.R. Jayewardene, Chandrika Bandaranaike Kumaratunga, and Mahinda Rajapaksa had appointed judges of their choosing to high positions within the legal framework, raising concerns about the potential for bias in the current appointments. Specifically, Hemachandra brought attention to the removal of Shirani Bandaranaike from her post and the subsequent appointment of a preferred candidate, which further underscores the complexities and challenges surrounding judicial appointments. In this context, she reiterated that while the current President has the legal avenue to make appointments based on personal preference, he chose instead to uphold what she described as a democratic hallmark of appointments grounded in seniority. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad