
ලංකා බැංකුව බිලියන දහයක් සොයා බැදුම්කර විකුණයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිකුත් කෙරෙන මෙම ණයකර, ලැයිස්තුගත නොකළ, සුරැකුම් රහිත සහ කාල සීමාවක් නොමැති ණයකර වර්‍ගයක් ලෙස වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. මෙම නිකුතුව යටතේ මුලින්ම ණයකර මිලියන 50ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ආයෝජක ඉල්ලුම ඉහළ ගියහොත් බැංකුවේ අභිමතය පරිදි තවත් ණයකර මිලියන 50ක් දක්වා නිකුත් කිරීමට අවස්ථාව පවතින බව බැංකුව නිවේදනය කරයි. මෙම ණයකර සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය විචල්‍ය අනුපාතයක් වන අතර, එය මාස 12ක ශුද්ධ භාණ්ඩාගාර බිල්පත් අනුපාතයට සියයට 2ක අගයක් එකතු කිරීමෙන් වාර්‍ෂිකව ගණනය කරනු ලබයි. මෙම ණයකර සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජකයෙකු සතු විය යුතු අවම ආයෝජන සීමාව රුපියල් මිලියනයකි. මෙම ණයකර නිකුතුව හරහා රැස්කර ගන්නා අරමුදල් බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ඉහළ නැංවීමට යොදා ගැනීමට නියමිත බව ලංකා බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Google AdSense
In-Article Ad

