FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පිළිකා නාශක එන්නත් හිඟයක්... රෝගීන් ඉහල අවදානමක..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ Neup, Neupogen, GCadF සහ Filgastrin යන වෙළඳ නාමවලින් හඳුන්වන මෙම විශේෂිත එන්නත් නොමැති වීම නිසා අදාළ රෝගීන් මේ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බවයි. පිළිකා මර්‍දන ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ශරීරයේ සුදු රුධිරාණු මට්ටම ඉහළ නංවමින්, විවිධ ආසාදනවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට මෙම එන්නත් ඍජුවම දායක වේ. එබැවින් මෙම ඖෂධ නොමැති වීම රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමටත්, එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටීමටත් ප්‍රධාන හේතුවක් වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෙම ඖෂධ ආනයනය කිරීමේදී මතුව ඇති යම් ගැටලුවක් හේතුවෙන්, අදාළ ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකය (MSD) වෙත භාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්‍තා වේ. පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන මෙවැනි ජීවිතාරක්ෂක ඖෂධවල අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාමට පසුගිය වසර දෙකක කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වී ඇති බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි. රජයේ රෝහල්වල පමණක් නොව, පෞද්ගලික අංශයේ ද මේ වන විට පිළිකා නාශක ඖෂධ වර්‍ග රැසක දැඩි හිඟයක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad