
ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු අල්ලා ගනී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මග්ගොන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පයාගල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. එම ළමුන් ඊයේ රාත්‍රි එලෙස පලා යමින් සිටියදී ප්‍රදේශවාසින් අල්ලාගෙන ඇත්තේ එම ළමා නිවාසයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකින් පයින් යමින් සිටියදීයි. තමන්ට ළමා නිවාසයේදී සිදුවන දැඩි හිංසන ඉවසාගත නොහැකිව ඉන් පලා යෑමට තීරණය කළ බව එම ළමුන් ප්‍රදේශවාසීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එම ළමුන් තිදෙනා අද දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පයාගල පොලිසිය පැවසුවා. .
Google AdSense
In-Article Ad

