FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය පසුගිය දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (අගෝ: 20) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබී ය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේ ය. ඒ අනුව පැමිණිල්ල විසින් තම නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විත්තිකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බව අධිකරණය සඳහන් කළේ ය. 'සූම්' ඔස්සේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිල්ල මෙම නඩුව සඳහා විත්තිකාර හරක් කටා 'සූම්' ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. රූපවාහිනී තිරය ඔස්සේ ඔහු අත ඔසවමින් සඳහන් කර සිටියේ, "සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කර තිබුණත් මේ වන විට මා රඳවා සිටින්නේ නාවික හමුදා කඳවුරක යි. තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිටි අවස්ථාවේදී මගේ දණ හිස් ආබාධයකට ආයුර්‍වේද ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් දැන් එම ප්‍රතිකාර ලැබෙන්නේ නෑ," යනුවෙනි. මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ අධිකරණයට දන්වා සිටියේ, සිය සේවාදායකයා සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කර තිබුණත් ඔහු රඳවා සිටින්නේ නාවික හමුදා නිලධාරීන් භාරයේ බව ය.

Google AdSense

In-Article Ad