FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කරන දත්ත පද්ධතිය අක්‍රිය වෙයියථාවත් වන තෙක් අයදුම් නොකරන්නැයි ඉල්ලීමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

August 21 (Citizen News) - පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන පොලිස් නිෂ්කාශන සහතිකපත්වලට අදාළ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි නිෂ්කාශන අංශය හරහා සිදුකෙරෙන අයදුම්පත් භාරගැනීම, වාර්‍තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීමේ කටයුතු මෙම දත්ත පද්ධතිය ඔස්සේ සංවිධානය කර තිබුණි. කෙසේවෙතත්, ඊයේ (20) දහවල් 12.50 සිට මෙම පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂයක් මතුව ඇත. දත්ත පද්ධතිය නැවත යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර ඇති අතර, මේ වන විටත් ඒ සඳහා වන පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි. එබැවින් පද්ධතියේ වැඩකටයුතු යථා තත්ත්වයට පත් වන තෙක් අලුතින් නිෂ්කාශන වාර්‍තා සඳහා අයදුම් කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී. තාක්ෂණික දෝෂය නිරවුල් කළ වහාම නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසෙන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Google AdSense

In-Article Ad