FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ධාරිතාව මෙන් දෙගුණයක සිරකරුවන්බංග්ලාදේශ බන්ධනාගාර පද්ධතියත් දැඩි අර්‍බුදයක

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බංග්ලාදේශයේ බන්ධනාගාර පද්ධතිය දැඩි තදබදයකට මුහුණ දෙමින් සිටින බවත් රට පුරා සිටින සිරකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු මතුව තිබෙන බවට විදෙශ් මාධ්‍ය වාර්‍තා කර තිබෙනවා. බංග්ලාදේශයේ බන්ධනාගාර 75ක සිරකරුවන් 45,186 දෙනෙකු රඳවා තැබීමට පමණක් ධාරිතාව තිබුණද, මේ වනවිට එහි සිරකරුවන් 98,233 දෙනෙකු රඳවා සිටින බවි වාර්‍තා වන්නේ එය පවතින ධාරිතාව මෙන් දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවක්. අධික තදබදයත් සමඟ බන්ධනාගාරවල වෛද්‍ය පහසුකම්ද දැඩි අර්‍බුදයකට පත්ව තිබෙන බවද විදේශ් මාධ්‍ය පෙන්වා දෙනවා. ඩකා මධ්‍යම බන්ධනාගාරයේ සිරකරුවන් 13,958 දෙනෙකු වෙනුවෙන් ස්ථිර වෛද්‍යවරයෙකු නොමැති බවත් අනුයුක්තව සිටින්නේ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණයි. දිනකට සිරකරුවන් 500කට ආසන්න පිරිසක් බාහිර රෝගී අංශයට පැමිණෙන බවද විදෙශ් මධ්‍ය පෙන්වා දෙනවා. පසුගිය වසරේ බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් 187 දෙනෙකු මියගොස් ඇති අතර, මේ වසරේ මේ දක්වා මරණ 122ක් වාර්‍තා වී තිබෙනවා. එමෙන්ම අධික තදබදයට හේතු සොයා බැලීමකින් තොරව නව බන්ධනාගාර ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව විචාරකයෝ පෙන්වා දෙනවා. දීර්‍ඝ නඩු විභාග, ඇප ලබා නොදීම, නීතිමය සහාය නොමැතිවීම සහ වැරදි හඳුනාගැනීම් හේතුවෙන් ඇතැම් පුද්ගලයන් වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටින බවද වාර්‍තා වනවා .

Google AdSense

In-Article Ad