FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කතානායකට ඇති චෝදනා ගැන පියවර ගැනීමට තාක්ෂණික මාර්‍ගෝපදේශ කැදෙවුවා...- පුද්ගලික ලේකම්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කතානායකවරයාට එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් බීබීසී වෙත ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් වාර්‍තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා විසින් පාර්‍ලිමේන්තු ලේකම් මණ්ඩලයට දැනුම් දී ඇති බවයි. අදාළ වාර්‍තාව මෙතෙක් ලැබී නොමැති බවත්, කතානායකවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පෞද්ගලික ලේකම්වරයා පෙන්වා දී ඇත. ඒ අනුව ඉදිරි සියලු ක්‍රියාමාර්‍ග ගනු ලබන්නේ ලේකම් මණ්ඩලය ලබා දෙන තාක්ෂණික මාර්‍ගෝපදේශ හා නිර්‍දේශ මත පදනම්ව බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව බීබීසී සේවය කළ විමසීමකදී පාර්‍ලිමේන්තු මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය සඳහන් කර ඇත්තේ, කතානායකවරයා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමු කර ඇති බවයි. මෙම කරුණ ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව ඇති හෙයින්, අදාළ කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලේකම් මණ්ඩලයේ නිර්‍දේශ ඉදිරියේදී කතානායකවරයා වෙත භාර දීමට කටයුතු කරන බවද ඇය සඳහන් කර ඇත.

Google AdSense

In-Article Ad