
ලෝක වෙලදපලේ ඉන්ධන මිල වැඩිවෙලා.. මොකද කරන්නේ කියා සාකච්චා කරනවා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සූවස් ඇළ මාර්‍ගයට පිවිසෙන රතු මුහුදේ බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙපස පිහිටි ප්‍රදේශ හූති කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමත් සමඟ ගෝලීය නාවික ප්‍රවාහනයට සහ තෙල් සැපයුමට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, Brent වර්‍ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104ක් සහ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් ලෙස ඉහළ අගයක සටහන්ව පවතී. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, "මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය ඉතාමත් බරපතළ සහ අවදානම් සහගත මට්ටමකට පැමිණ තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැසඳීමේදී ඩීසල් මිල පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉහළ අගයද ඉක්මවා ගොස් ඇති අතර, පෙට්‍රල් සහ බොරතෙල් මිලද උපරිම අගයක පවතිනවා. මෙම මිල ඉහළ යාම හමුවේ ගත යුතු ක්‍රියාමාර්‍ග සම්බන්ධයෙන් මෙතෙක් කඩිනම් සාකච්ඡාවක් පවත්වා නොමැති වුවත්, ඉදිරියේදී මෙම අර්‍බුදයට සාර්‍ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව රජය මට්ටමින් සාකච්ඡා කර තීරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා." යැයි පැවසීය. මෙරට මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස අවසානයේදී දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත්තේ මෙවන් අභියෝගාත්මක ගෝලීය පසුබිමක වීම විශේෂත්වයකි.
Google AdSense
In-Article Ad

