
විදේශ විනිමය ප්‍රේෂණ ඩොලර් බිලියන 6 ඉක්මවයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මේ වසරේ (2026) ජනවාරි – අගොස්තු මාස 08 ක කාලපරිච්ඡේදය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, ඇමෙරිකානු ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවා යමින් ඩොලර් බිලියන 6.1ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්‍තාවක මේ බව දැක්වේ. මෙය ගිය වසරේ ( 2025 ) පළමු මාස 08 දී වාර්‍තා වී තිබුණු ඩොලර් බිලියන 5.1ක ප්‍රේෂණ ලැබීම් හා සැසඳීමේ දී සියයට 19.8 ක සැලකිය යුතු වර්‍ධනයක් වේ. 2026 අගෝස්තු මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 748.6ක ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණයක් වාර්‍තා වීමත් සමඟ මෙලෙස 2026 මේ දක්වා වූ විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවීමට සමත්ව විය. ශ්‍යාම් නුවන් ගනේවත්ත
Google AdSense
In-Article Ad

