
නිව්‍යෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා . ඒ, ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පිරිසක් විසින් ගුවන් ගමන් පාලන පද්ධතියට අත්‍යවශ්‍ය විදුලි සංදේශ කේබලයක් අහම්බෙන් කපා දැමීමත් සමඟයි. මේ හේතුවෙන් නිව්‍යෝර්‍ක්, පෙන්සිල්වේනියා, නිව්ජර්‍සි සහ මැසචුසෙට්ස් යන ප්‍රාන්තවල පිහිටි ගුවන් තොටුපළ රැසක ගුවන් යානා ගොඩබැස්සවීම සහ ගුවන් ගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදු වු බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ගුවන් යානා ගොඩබැස්සවීමේදී සහ ඉහළට ගැනීමේදී මඟපෙන්වන ප්‍රධාන රේඩාර් පද්ධතියේ (TRACON) ක්‍රියාකාරීත්වය අක්‍රිය වීමෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ කේබලය නැවත අලුත්වැඩියා කර ඇති අතර, ගුවන් තොටුපළවල කටයුතු යථා තත්ත්වයට පත් කරමින් පවතින බව අමෙරිකානු ප්‍රවාහන ලේකම්වරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා ලෝක නායකයින් රැසක් නිව්‍යෝර්‍ක් වෙත පැමිණීමට නියමිතව තිබියදී මෙම හදිසි බාධාව මතුවීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ . .
Google AdSense
In-Article Ad

