
විදුලි බිලට සහනයට රුපියල් බිලියන 17ක්.. අනුමතයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන මෙම පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ද විවාදයට ගෙන අනුමැතිය ලබා තිබිණි. 2026 වර්‍ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මඟින් මෙම මුදල සපුරා ගැනීමට නියමිතය. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම හේතුවෙන් 2025 අංක 23 දරන විසර්‍ජන පනත මඟින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්‍ලිමේන්තු සන්නිවේදන දෙපාර්‍තමේන්තුව සඳහන් කරයි. මේ අතර, අද දින විවාදයට ගැණුනු අපනයන කෘෂිකර්‍මාන්තය ප්‍රවර්‍ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද කිසිදු සංශෝධනයක් රහිතව පාර්‍ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්‍මාන්තය ප්‍රවර්‍ධන පනත සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කෙරිණි. අපනයන කෘෂිකර්‍ම දෙපාර්‍තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ‘අධ්‍යක්ෂවරයා’ යන තනතුරු නාමය ‘අධ්‍යක්ෂ ජනරාල්වරයා’ ලෙස උත්ශ්‍රේණිගත කිරීම සහ ඊට අනුශාංගික අනෙකුත් තනතුරු නාමයන්හි සංශෝධන මෙම නව පනත් කෙටුම්පත මඟින් නීතිගත කර ඇත. මීට අමතරව, වර්‍තමාන වෙළෙඳපොළ තත්ත්වයන්ට ගැළපෙන පරිදි පනතේ 19 වැනි වගන්තියේ සඳහන් "අපනයන කෘෂිකර්‍ම භෝගය" යන්නෙහි අර්‍ථ නිරූපණය ද සංශෝධනය කර තිබේ. ඒ අනුව, වී, එළවළු, පළතුරු, අල සහ අතිරේක ආහාර භෝග මෙන්ම වැවිලි භෝග ලෙස හඳුනාගත් භෝග හැර, දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාව පවතින හා විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන භෝග "නිවේදිත කෘෂිකාර්‍මික භෝග" ලෙස අර්‍ථ ගැන්වීමට නියමිතය.
Google AdSense
In-Article Ad

