
පුද්ගලික සමාගම් දැවැන්ත මිල වැඩිවීමක් බලාපොරොත්තුවෙන්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සඳහන් කළේ, වත්මන් සිල්ලර මිල යටතේ ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් පෞද්ගලික සමාගම් එක් එක් ඉන්ධන ලීටරයකින් ලබන අලාභය පිළිබඳව සංඛ්‍යාලේඛන සහිතව කරුණු ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව අදාළ සමාගම් වාර්‍තා කර ඇති පාඩු ප්‍රමාණයන් මෙසේය. පෞද්ගලික සමාගම් යනු ලාභය මුල් කරගත් ව්‍යාපාරික ආයතන බැවින්, අඛණ්ඩව මෙවැනි අලාභයක් දරමින් ඉන්ධන නිකුත් කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බව පෙන්වා දුන් සභාපතිවරයා, ඒ හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම සීමා කිරීමට එම සමාගම් පියවර ගෙන තිබූ බව ද පැහැදිලි කළේය. මෙම අර්‍බුදකාරී වාතාවරණය හමුවේ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලුම සමාගම් කැඳවා සාකච්ඡා පවත්වා ඇත. එහිදී හඳුනාගත් ප්‍රමුඛතා පිරවුම්හල් 52ක් වෙත අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීමට එකඟතාවකට පැමිණ තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගිය ද මෙරට පාරිභෝගිකයා කෙරෙහි බර නොපටවා සහනදායී ලෙස මිල පවත්වාගෙන යාමට රජය සහ සංස්ථාව පියවර ගත් බව සිහිපත් කළ සභාපතිවරයා, පෞද්ගලික සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කළ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත පවතින බවත්, කිසිදු අයුරකින් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් අවධාරණය කළේය. ඉදිරි සතිය තුළ වෙළෙඳපොළ තත්ත්වය නිරීක්ෂණය කරමින් රජය විසින් මේ සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

