
අපි තෙල් ගවේෂණය කරමින් දැන් ඉන්නේ..- මන්ත්‍රී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහපොළ ශිෂ්‍යත්ව වාරික ලබා නොදුන් බවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා, පසුගිය මාසයට අදාළ මහපොළ වාරිකය මෙම මස 15 වැනිදා වන විට සම්පූර්‍ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව පෙන්වා දුන්නේය. ජනතාව නොමඟ යවන ආකාරයේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස හෙතෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. දීර්‍ඝ ඉතිහාසයක් සහිත දේශපාලන පක්ෂයක් ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ඇතුළු පවතින සියලු ගැටලු නිසි ක්‍රමවේදයකට අනුව විසඳීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය. එමෙන්ම, රාජ්‍යතාන්ත්‍රික සබඳතා මනා කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යාමේ සාධනීය ප්‍රතිඵලයක් ලෙස මෙරට අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

