
මන්නාරමේ තෙල් ගෑස් අරන් නැවුවලට විකුණලා ගොඩක් මුදල් හොයන්න පුළුවන්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්‍ධන බැංකුවෙන් මූල්‍ය ණය පහසුකම් ලබාගැනීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දේශීය බලශක්ති ක්ෂේත්‍රයේ නව වර්‍ධනයන් සහ ඛනිජ තෙල් ගවේෂණ පිළිබඳව ද අදහස් දැක්වූ අක්‍රම් ඉල්‍යාස් මහතා, මන්නාරම් ද්‍රෝණියේ වර්‍ග කිලෝමීටර් 32,000 ක භූමි ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ස්වාභාවික වායු ගවේෂණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නේය. පසුගිය දශක කිහිපය තුළ ඛනිජ තෙල් ගවේෂණය සඳහා ගිවිසුම්ගත වූ සමාගම් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් එම කටයුතු අඩපණ වූ නමුත්, පවතින දත්තයන්ට අනුව සියයට 70 ක සම්භාවිතාවකින් යුත් ස්වාභාවික වායු නිධි මෙරට මුහුදු සීමාවේ පවතින බවට හඳුනාගෙන තිබේ. ගැඹුරු මුහුදේ කැණීම් තාක්ෂණය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, සුදුසු ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්‍ෂණය කරගැනීමේ අරමුණින් වසරක් තුළ බලපත්‍ර 08ක් නිකුත් කිරීමට සහ පුළුල් ප්‍රවර්‍ධන වැඩසටහනක් දියත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කීය. වාර්‍ෂිකව මෙරට මුහුදු සීමාව හරහා නෞකා 50,000ක් පමණ ගමන් ගන්නා බැවින්, ස්වාභාවික වායු සහ ඉන්ධන ගවේෂණ සාර්‍ථක කරගැනීම තුළින් එම නෞකා සඳහා ඉන්ධන සැපයීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත්, එමඟින් මෙරට ඉන්ධන ආනයන වියදම් අවම කරගනිමින් දේශීය කර්‍මාන්ත ක්ෂේත්‍රයට ද දැවැන්ත ප්‍රතිලාභ රැසක් අත්කර දිය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

