
කුසල්ගේ ශතකය ලංකාවට ජය ගෙනේ.. පලමු තරගයෙන් ලංකාව දිනයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම දිවා-රාත්‍රී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීය. ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින් වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 100කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස් කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 65කින් ලකුණු 54ක් රැස් කළ අතර, මැදපෙළින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක පන්දු 39කින් ලකුණු 48ක් සහ ජනිත් ලියනගේ ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ ලකුණු වේගය ඉහළ දැමූහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ගස් ඇට්කින්සන් සහ රෙහාන් අහමඩ් කඩුලු 2 බැගින් දවාලූහ. ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ ටොම් බැන්ටන් (73) සහ බෙන් ඩකට් (67) පළමු කඩුල්ලට ලකුණු සබඳතාවක් ගොඩනගමින් සාර්‍ථක ආරම්භයක් ලබා දුන්හ. අනතුරුව ජොස් බට්ලර් පන්දු 49කින් හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 69ක් ද, විල් ජැක්ස් ලකුණු 52ක් ද රැස් කරමින් ජයග්‍රහණය වෙනුවෙන් දැඩි සටනක නිරත වූහ. කෙසේ වෙතත්, ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ, සාර්‍ථක ආරම්භයක් ලබා සිටි ටොම් බැන්ටන්, බෙන් ඩකට් මෙන්ම එංගලන්ත නායක හැරී බෲක් (01) දවාගනිමින් තරගයේ පාලනය නැවත ශ්‍රී ලංකාව දෙසට නතු කර ගත්තේය. ඒ අනුව එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 305කට සීමා විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිඳහෙලූ අතර, ඩිල්ෂාන් මධුශංක සහ මාලිංග කඩුලු 2 බැගින් ද, සචිඳු කොළඹගේ සහ ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවාගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළහ. තරගයේ වීරයා සම්මානය නායකත්වයේ ශතකයක් වාර්‍තා කළ කුසල් මෙන්ඩිස් හට හිමි විය.
Google AdSense
In-Article Ad

