FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තිලීපන් සැමරුම ඉස්සර ඉදන්ම කල දෙයක්..

FM Heart · 2 min read

The Heart Academy
දෙරණ නාලිකාවේ '360' දේශපාලන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෑතකදී උතුරේ ස්ථාපිත කෙරුණු තිලීපන්ගේ පිළිරුවක් පොලිසිය මැදිහත්ව ඉවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති සංවාදය පිළිබඳව වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සැප්තැම්බර් 15 වනදා සිට 26 වනදා දක්වා කාලය තුළ උතුරු පළාතේ පසුගිය වසර ගණනාවක් පුරාම ඡායාරූප තබා තිලීපන් සැමරුම් පවත්වා ඇති බවයි. නමුත් මෙවර ඊට අදාළව පිළිරුවක් රැගෙනවිත් තිබූ බවත්, එම පිළිරුව ඉවත් කිරීමට පෙර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්‍තා කර නීතිමය ක්‍රියාමාර්‍ග ගත් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. "එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන්නේ මෙරට නීතියෙන් තහනම් කරපු සංවිධානයක්. ගැසට් නිවේදන මඟින් තහනම් කර ඇති සංවිධානයක ලාංඡන, කොඩි, පතාක, ඡායාරූප හෝ සංකේත භාවිත කරමින් එම සංවිධානය ප්‍රවර්‍ධනය වන ආකාරයෙන් කටයුතු කිරීමට අපේ රටේ නීතියෙන් කිසිදු අවසරයක් නැහැ. එලෙස යම් තැනක නීතිවිරෝධී ලෙස කටයුතු සිදුවන්නේ නම්, පුද්ගල තරාතිරම හෝ එම කණ්ඩායමේ ප්‍රමාණය නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා." රට තුළ කිසිදු අයුරකින් ජාතිවාදය හෝ ආගම්වාදය පෝෂණය වීමට රජය පාර්‍ශ්වයෙන් ඉඩ ලබා දී නොමැති බව පැවසූ අමාත්‍යවරයා, ජාතික සමඟිය මෙන්ම රටට විදෙස් ආයෝජන ආකර්‍ෂණය කර ගැනීමට නම් සාමකාමී පරිසරයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් බව ද සඳහන් කළේය. නීතියේ සීමාව තුළ ඕනෑම පාර්‍ශ්වයකට උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්වීමේ අයිතිය පැවතිය ද, තහනම් සංවිධාන ප්‍රවර්‍ධනය කිරීමට රජය කිසිසේත් ඉඩ නොතබන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
99mobile