FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වරාය, එයාපෝට්, පාරවල් හැදුවා කියා නිවුස් නෑ.. ආණ්ඩුවේ එකම නිවුස් එක රිමාන්ඩ් කිරිම විතරයි..

FM Heart · 2 min read

The Heart Academy
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා. ​" ඊළඟ රැලිය අපි මාතර කරන්නේ. අපි මේවා බලාපොරොත්තු වෙන්න හිටියේ. මේගොල්ලෝ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවට අභියෝගයක් වෙන අයව රිමාන්ඩ් කිරීම, හිර කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒගොල්ලන්ට තියෙන එකම නිවුස් එක ඕක. පාරවල් හැදුවා කියලා කියන්න නිවුස් එකක් නැහැ. පාලම් හැදුවා කියලා නිවුස් එකක් නැහැ. වරායක්, ගුවන් තොටුපළක් හැදුවා කියලා මේගොල්ලන්ට නිවුස් නැහැ. එතකොට මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක. ඒක තමයි මේ ආණ්ඩුව කරන්නේ. ජනතාවගේ භාණ්ඩ මිල අඩු කරන වැඩපිළිවෙළක් නැහැ. එතකොට මේගොල්ලන්ට තියෙන එකම දේ තමයි මේ නිවුස් එක, රිමාන්ඩ් බාරයට පත් කළා, නඩු දැම්මා. ​ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ. ඉතින් ජනාධිපතිතුමා පොලොන්නරුවේ එකක් කියනවා, ගම්පහ ගිහිල්ලා තව එකක් කියනවා, අනුරාධපුරේ තව එකක් කියනවා, ගාල්ල දිස්ත්‍රික්කෙට කලුතර දිස්ත්‍රික්කෙට ගිහිල්ලා තව එකක් කියනවා. හැම ජනාධිපති කෙනෙක්ම අලුතෙන් එතුමා එන්න ඕන නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ නීතියක් තියෙනවා, ඒ නීති අංශ නීතිය ක්‍රියාත්මක කරයි. දේශපාලඥයෝ නෙමෙයි. ඒක තමයි විය යුත්තේ. ඒ හින්දා මේකෙන් හොඳටම තේරෙනවා දේශපාලඥයා තමයි අද නීතිය ක්‍රියාත්මක කරන්න අතට අරන් තියෙන්නේ. හැමදාම නීතිය මේ රටේ ක්‍රියාත්මක වුණා. කොහෙද ක්‍රියාත්මක නොවුණේ? නීතිය තියෙන්නේ ඒ අදාළ දෙපාර්‍තමේන්තු ක්‍රියාත්මක කරන්න, දේශපාලඥයෝ අතට ගන්න නෙමෙයි.ඒක වැරදි පූර්‍වාදර්‍ශයක්. දේශපාලඥයෝ නීතිය අතට, නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා නම් ඒක ඉතාම වැරදියි. ස්වාධීන ආයතන ස්වාධීන ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ."
99mobile