FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රාජ්‍ය බලය අල්ලන්න පැලවත්තේ ලොකු මෙහෙයුමක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මේ වන විට මෙරට දේශපාලනය තුළ ඉතා භයානක ප්‍රවණතාවක් නිර්‍මාණය වෙමින් පවතින බව පෙන්වා දුන් නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා, එම අනතුරුදායක තත්ත්වය පිළිබඳව රටේ මහජනතාව කෙතරම් දුරට අවබෝධ කරගෙන ඇත්ද යන්න ගැටලු සහගත බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මෙන්ම ජාතික ජන බලවේග රජය විශේෂයෙන්ම තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමේ දේශපාලන ක්‍රියාවලිය ඉතා ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය. විශේෂයෙන්ම රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන් විවිධ අවස්ථාවලදී සිදු කරන ප්‍රකාශයන්හි සැබෑ අරමුණ මෙම තනි පක්ෂ පාලනය ස්ථාපිත කිරීම බව ද ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා පාර්‍ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මහජන මන්ත්‍රීවරුන් අභිමානවත් ලෙස හඳුන්වමින්, සෙසු මන්ත්‍රීවරුන් පාපිසි ලෙස හැඳින්වූ බව සිහිපත් කළ නීතිඥවරයා, මෙම පාර්‍ලිමේන්තුව හුදු 'රබර් මුද්‍රාවක්' බවට පත් කිරීමේ කාර්‍යය පැලවත්ත කාර්‍යාලයේ සැලසුම්වලට අනුකූලව සිදු කෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad