
මෑන්චෙස්ටර්‍හි යුදෙව්වන් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු අධිකරණයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෑන්චෙස්ටර් නුවර යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දේශීයව නිෂ්පාදිත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ චෝදනා මත ඉරාන ජාතිකයින් දෙදෙනෙකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ සල්ෆෝර්‍ඩ්හි පදිංචි 34 හැවිරිදි රහ්මාන් සාලෙහ් සහ ලිවර්‍පූල්හි පදිංචි 36 හැවිරිදි සලාම් අහ්මදියාන් නමැති පුද්ගලයින් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ඔවුන් වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ක්ලෝරීන් බෝම්බයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස්, දියර වර්‍ග සහ විවිධ උපාංග ලබාගෙන තිබෙනවා. අන්තර්‍ජාලය ඔස්සේ ප්‍රහාර එල්ල කිරීමට අදාළ ස්ථානවල සිතියම් සහ ඡායාරූප පරීක්ෂා කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එමෙන්ම පසුගිය වසරේ ප්‍රහාරයකට ලක්වූ හීටන් පාර්‍ක් යුදෙව් පල්ලිය සහ මෑන්චෙස්ටර්‍හි පිහිටි යුදෙව් කෞතුකාගාරය ඇතුළු ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් මොවුන් නිරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවද අධිකරණයේදී අනාවරණ වුණා. කුඩා බෝට්ටු මගින් එක්සත් රාජධානියට පැමිණ ඇති මෙම සැකකරුවන් දෙදෙනා ඉරානයේ සිටින තවත් පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත මෙම කුමන්ත්‍රණය සිදුකර ඇති බවටයි අභිචෝදකයින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ .
Google AdSense
In-Article Ad

