
ඤානසාර හිමි ගැන අපිත් කම්පනයෙන්.. නමුත් නීතිය එයයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඥානසාර හිමියන් මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධයන් මෙන්ම පෘථග්ජන මිනිසුන් ලෙස තමන් තුළද කම්පනයක් සහ කනගාටුවක් පවතින බවයි. ඥානසාර හිමියන් සමඟ කිසිදු පුද්ගලික ගැටලුවක් නොමැති බව පැවසූ ඔහු, උන්වහන්සේ තුළ පැවති රැඩිකල් ස්වභාවය පසෙක තැබුවද, භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම කනගාටුදායක බව ප්‍රකාශ කළේය. බන්ධනාගාරය තුළ මෙවැනි නීතිමය ක්‍රියාපටිපාටියක් පවතින බව දැනගන්නට ලැබුණේ මෙම සිද්ධියත් සමඟ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ වන විටත් විවිධ චෝදනා යටතේ දඬුවම් නියම වූ භික්ෂූන් වහන්සේලා 63 නමක් බන්ධනාගාරගතව සිටින බව සොයා බැලීමේදී අනාවරණය වූ බවද පැවසීය. බෞද්ධ රටක් මෙන්ම බෞද්ධයන් ලෙස භික්ෂූන් වහන්සේලා මෙලෙස සිරගතව සිටීම කිසිවෙකු අනුමත නොකරන තත්ත්වයක් බව සඳහන් කළ ඒ මහතා, වැරදි සිදුකළද මෙවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළේය. එම කමිටුව මඟින් සති දෙකක් ඇතුළත අවශ්‍ය නීති සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව හෙතෙම අනාවරණය කළේය. මේ අතර, මෙම සිදුවීමට විරෝධය පළ කරමින් නුවර සිට කොළඹ දක්වා ආරම්භ කර ඇති පාද යාත්‍රාව පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජනතාව තුළ පවතින සංවේදී හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත්, එම හැඟීම් සාමකාමීව පිටකිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බවත්‍ය.
Google AdSense
In-Article Ad

